සෙංකොට්ටන්. නම ටිකක් විතර අමුතුයි.ඒ හින්දමයි පොත අරන් කියවන්න හිතුනෙ.මේක ලියන්නේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල.එක හුස්මට කියවලා ඉවර කලා.එච්චරට ලස්සනයි මේ කතාව.ඔන්න එහෙනම් කතාව අහගන්නකෝ.කෙටියෙන් කිව්වොත් මේ කතාවෙන් කියවෙන්නේ සමාජයේ පවතින කුල භේදය පිලිබඳව.රදළ, වංශවත් ,මාන්නක්කාර මිනිස්සු සමාජයේ කුල හීන යැයි සම්මත මිනිසුන් තලා පෙලා සූරා දමන ආකාරය මෙහිදී හරි අපූරුවට නිරූපනය කරනවා.මේ තතු විත්ති අද සමාජයටත් හරි අපූරුවට වලංගු වෙනවා.මේ කතාවේ කතා නායකයා වෙන්නේ වීරප්පුලි හේනයා.ඔහුගේ රස්සාව රෙදි ඇපිල්ලීම.මොහු රදා නම් පහත් කුලයේ කෙනෙක්.මොහුගේ පව්ලේ සාමාජිකයන්
සමාජයේ උසස් යැයි සම්මත කුලවලුන්ගෙන් බැට ආකාරය කතාව පුරාවටම දිවෙයි.මේ නිසා ඔවුන්ට නිදහසේ පිනක් දහමක් හෝ කිරීමට අවස්තාවක් නොමැත .අනතුරුව වීරප්පුලි හේනයා තම බිරිඳ සමග අනුරාධපුර වන්දනාවේ යයි.ඔහුට සිය දියනිය පවා අහිමි වන්නේ මේ කුලවතෙක් නිසාය.අවසානයේ සිදු වන්නේ තවත් පරම්පරාවක් මේ කුල භේදය නිසා බැට කෑමයි.ඒ ඔහුගේ මුනුපුරායි.ඔහුට ගමේ පාසලෙන් අකුරු ඉගෙනීමට ගමේ බවලතුන් අවස්තාවක් නොදේ.කාලයත් සමග ඔහුගේ මුනුපුරා ඔහුගෙන් ඈත් වේ.අවසානයේ සිදු වන්නේ වීරප්පුලි හේනයා සිය දිවි නසා ගැනීමයි .එසේ ඔහු පිට කරන්නේ රදලයන් නිසා ඔහු විදි පීඩනයන්ය.
ඒ අනුව ඉතාම රසවත් භාෂාවක් යොදා ගනිමින් සිත් ඇදගන්නා සුලු සිදුවීම් යොදා ගනිමින් අපූරුවට ගලා යන කතාවක් ලෙස සෙංකොට්ටන් නම් කල හැක.මෙහි කතා තේමාව සර්ව කාලීන නිසා ඔබ මේ පොත ඉතා ආශාවෙන් රස විදිනවාට කිසිදු සැකයක් නැත.
No comments:
Post a Comment