මහල්ලා සහ මුහුද පොත ලියන්නේ අර්නස්ට් හෙමිංවේ.මම හිතන්නේ හෙමිංවේ ලියපු ලස්සනම පොත මේක.පුංචි සරල කතාවක් තමයි මේ පොතේ තියෙන්නෙ.කෙටියෙන් කිව්වොත් සන්තියාගෝ කියලා මහලු ධීවරයෙක් ඉන්නවා.මෙයා දවසක් යනවා මුහුදේ මාලු අල්ලන්න.මේ විදියට දවස් අසූහතරක් මුහුදු ගියත් එක මාලුවෙක්වත් අහු වෙන්නේ නෑ.අසූපස් වෙනි දවසත් උදා වෙනවා .මහල්ලා එත් තමන්ගේ බලාපොරොත්තු අත් අරින්නෙ නෑ.ඔහු එදත් මුහුදු යන්න ලේස්ති වෙනවා.මේ වෙනකොට ගමේ මිනිස්සු සන්තියාගෝව හදුන්වන්නේ අවාසනාවන්තයක් විදියට .හැබැයි සන්තියාගෝ සැලෙන්නේ නෑ.
අවාසනාව පිරුණු දවස් අසූහතරකට පස්සේ විශාල මාලුවෙක් සන්තියාගෝට අසුවෙනවා.ජයග්‍රාහි සිතින් සන්තියාගෝ සූදානම් උනේ ඒ විශාල මාලුවව අරගෙන ගොඩබිමට එන්න.එත් අවාසනාව නැවතත් සන්තියාගෝ සොයාගෙන පැමිනෙනවා.ඒ ව්ශාල මාලුවව ආහාරයට ගන්න මෝරුන් රන්චුවක් එන්නේ සන්තියාගෝ තව තවත් අසරණ කරමින්.ඒත් ඔහු මාලුවව මෝරුන් ට දෙන්න තවමත් සූදානම් නෑ.ඒකයි ඔහු තමන්ට ගොඩබිමට එන්න උදව් වෙන හබල පවා අහිමි කරගනිමින් සටන් කරන්නේ.ඔහුගේ ගතේ අන්තිම ශක්තිය වෙනකන් ඔහු මෝරුන් එක්ක සටන් කරනවා .ඒත් අන්තිම මොහොතේ මෝරුන් ජයග්‍රහණය කරනවා .ඔහුට ඉතුරු වෙන්නේ මාලුවගේ ඇටසැකිල්ල පමනයි.අවසානයේ ඔහු ඇටසැකිල්ල රැගෙන ගොඩබිමට පැමිනෙනවා.ඔහු ඇටසැකිල්ල රැගෙන ආපු නිසා ගමේ මිනිස්සු ඔහුගේ කතාව විශ්වාස කරනවා . කතාව ඔතනින් ඉවරයි
සන්තියාගෝ අපේ ජීවිතයට ගොඩක් ආදර්ශ සපයනවා .විශේෂයෙන්ම මොන තරම් බාධක ආවත් ඒ බාධක ජයගෙන තමන්ගේ අරමුණු ඉටුකරගන්න එක ඒ වගේම බලාපොරොත්තු තබා ගැනීම , හිත ශක්තිමත් කර ගැනීම ,උත්සාහය අත් නොහැරීම වගේ දේවල් . ඒ නිසා ජිවිතයට මොන ප්‍රශ්නයක් ආවත් සන්තියාගෝ වගේ ඒ හැම ප්‍රශ්නය වලට නොබියව මුහුණ දෙන්න . අවාසනාව පරදා වාසනාව ඔබේ ජිවිතයට පැමිණේ .
හෙමිංවේ මේ නවකතාව වෙනුවෙන් නොබෙල් තෑග්ග පවා ලබා ගන්නවා.පුලුවන් නම් මේ කතාව හොයාගෙන කියවන්න . ඒක ඔබට අපූරු අත්දැකීමක් වනවා නිසැකයි .
No comments:
Post a Comment